‘අපි යූඇන්පී සමග එක්විය යුතුයි..!’
පොහොට්ටු ප්‍රබලයෝ
නැවතත් යෝජනා කරති.
ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ සමග සන්ධානගතවිය යුතු බව පොහොට්ටු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිතයන් යෝජනා කර තිබේ.
මෙම යෝජනාව පැමිණ ඇත්තේ ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටු පක්ෂය කෙසේ ඉදිරිපත් විය යුතු දැයි විමසා බැලීම සදහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පත් කර තිබෙන කමිටුවකිනි.
එම කමිටුවට පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප් සහ කෝකිලා හර්ෂණී යන අයද ඇතුළත් ය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 19 ක පොහොට්ටු පක්ෂ නියෝජිතයන්ගේ මතය විමසා බැලීමෙන් පසුව කමිටුව මෙම යෝජනාව අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ඉදිරිපත් කර තිබේ.