“අපි වැඩි පොලියට ණය දුන්නා නොවේ;
ලංකාවේ සිදුකරන ලද සෑම ආයෝජනයක්ම
විද්‍යාත්මක සැලසුමකින් සිදුකළ අතර,
ඊට දේශපාලනය සම්බන්ධ වූවේ නැත.”
චීනය කියයි.
ලංකාවේ ආර්ථික අර්බුධයට හේතුව, චීනය විසින් ආටෝපකාරී ව්‍යාපෘති සදහා විනිවිද භාවයකින් තොරව ණය ලබා දීම බව සමන්තා පවර් මහත්මිය ඊයේ දිනයේ දී පවසා තිබුණි.
සමන්තා පවර් මහත්මියගේ එම ප‍්‍රකාශයට, චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ දිනයේ දී ම පිළිතුරු ලබා දී තිබුණු.
ඔහු පවසන ආකාරයට, ශ‍්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතිවය සෑම විටකම ශ‍්‍රී ලංකාවේ මූලධර්ම මත පදනම් වී කි‍්‍රයාත්මක වී තිබේ. දෙපාර්ශ්වය එකතු වී සිදුකරන ලද සෑම ව්‍යාපෘතියක් ම, විද්‍යාත්මක සැලසුමකින් සහ ගැඹුරු තක්සේරුවකට පසුව සිදු කර තිබේ.
කිසිදු විටෙක දේශපාලනය ඊට සම්බන්ධ වූවේ නැත.
දෙරට අතර සහයෝගීතාවය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දායක වී ඇති අතර, එමගින් ශ‍්‍රී ලාංකීය ජනතාවට ප‍්‍රතිලාභ අත්කර දී ඇත.ශ‍්‍රී ලංකාවේ විදේශ ණය කොටස් කිහිපයකින් යුක්ත ය. සසදා බැලීමේ ශ‍්‍රී ලංකාවේ චීන ණය ඉතා අඩු පංගුවකි.
චීනය ශ‍්‍රී ලංකාවට ලබා දී ඇත්තේ අඩු පොලී ණය වන අතර, ණය පියවීම සදහා දීර්ඝ කාලයක් ලබා දී තිබේ.
ඇමරිකාව සිදු කළ පොලී අනුපාත ඉහළ දැමීම වැනි දෑ හරහා ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑම් එල්ල වූ බව පවසයි.