“අපෙන් ගත් ණය
මේ තරම් ඉක්මනට පියවයි කියා
හිතුවේ නෑ..!”
බන්ග්ලාදේශ අගමැතිනිය
ජනපතිට කියයි.
රට බංකොලොත් භාවය ප්‍රකාශ කිරීමට පෙර, ශ්‍රී ලංකා රජය, බංග්ලාදේශයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණය මුදල, මේ තරම් ඉක්මනට ආපසු පියවීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් නොසිතූ බව, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පවසා ඇතැයි වාර්තා වේ.
ලංකාවේ ආර්ථිකය, වේගයෙන් යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහසමුළුවට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නගරයට ගොස් සිටින දෙරටේ රාජ්‍ය නායකයන් එහිදී එකිනෙකා හමු විය.
මෙම හමුවේදී බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, ඇගේ පවුලේ සාමාජිකයන් ඝාතනයට ලක් වූ කුමන්ත්‍රණය පිළිබදව ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.