අපේක්ෂා රෝහලේ බෙහෙත් මගඩියකට සූදානමක්..?

0
96

අපේක්ෂා රෝහලේ බෙහෙත් මගඩියකට සූදානමක්..?
රු. 3,000 ක පෙත්ත රු. 30,000 කටත්
රු. 7,000 ක පෙත්ත රු. 39,000 කටත්
මිල දී ගන්න යයි.

මහරගම අපේක්ෂා රෝහල සදහා අඖෂධ වර්ග 42 ක් ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

මෙම ඖෂධ මිලදී ගැනීමට සූදානම් වන්නේ ක්‍රමවත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව හදිසි මිලදී ගැනීම් යටතේ ය.

ඒ අනුව පසුගිය වසරේ රුපියල් තුන්දහසක මිලකට මිලදී ගත් ඖෂධයක් මෙවර රුපියල් තිස් දහසකටත්, එමෙන්ම පසුගිය වසරේ රුපියල් හත් දහසක මිලකට මිලදී ගත් ඖෂධයක් මෙවර රුපියල් තිස් නමදහසකටත් මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම ඖෂධ මිලදී ගැනීම සදහා අවශ්‍ය රුපියල් කෝටි පනහක පමණ මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දී තිබේ.

ලංකාදීප වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − one =