‘අපේ ආයෝජන මේ රටට අවශ්‍යනම් බලය බෙදන්න.’ දෙමළ ඩයස්පෝරාව.

0
255

‘අපේ ආයෝජන
මේ රටට අවශ්‍යනම්
බලය බෙදන්න.’
දෙමළ ඩයස්පෝරාව.

ජාතික ප්‍රශ්නය සදහා බලය බෙදීමක් සහිත දේශපාලන විසදුමක් ලබා දෙන්නේ නම් පමණක් ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බව දෙමළ ඩයස්පෝරාව නිවේදනය කර තිබේ.

ග්ලෝබල් ටැමිල් ෆෝරම් ප්‍රකාශක සුරේන් සුරේන් සුරේන්දිරන් ද මෝර්නිං පුවත්පත සමග මේ බව පවසා තිබුණි.

ග්ලෝබල් ටැමිල් ෆෝරම් ඇතුළු තහනම් කර තිබුණු දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක තහනම පසුගිය අගෝස්තු මාසයේ දී ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත ඉවත් කළේ ය.

සෘජුව ඒ බව ප්‍රකාශ නොකලද අදාල සංවිධින මත පනවා තිබුණු තහනම ඉවත් කිරීමේ මූලික අරමුණ වී තිබුණේ දෙමළ ඩයස්පෝරාවේ මුදල් මෙරටට ගෙන්වා ගැනීම යි.

ජාතික ප්‍රශ්නය සදහා බලය බෙදීමක් සහිත ස්ථිරසාර විසදුමක් ලබා දෙන්නේ නම් පමණක් දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව සහතමිල්නාඩුවේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව මෙරට තුළ ආයෝජනය කිරීමට සූදානම් බවත් එමගින් ලැබෙන ප්‍රතිලාභ අසීමාන්තික විය හැකි බවත් සුරේන් සුරේන්දිරන් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =