“අපේ වැනි රටවල දක්ෂ වෘත්තියක් ගෙන්වා ගන්නවා නම්, සංවර්ධිත රටවල් අපට වන්දි ගෙවිය යුතුයි..!” ජනපති කියයි.

0
80

“අපේ වැනි රටවල
දක්ෂ වෘත්තියක් ගෙන්වා ගන්නවා නම්,
සංවර්ධිත රටවල් අපට වන්දි ගෙවිය යුතුයි..!”
ජනපති කියයි.


අපේ වැනි රටවල දක්ෂ වෘත්තිකයන්, සංවර්ධිත රවටලට ගෙන්වා ගන්නවා නම්, ඒ සදහා එම රටවල්, අපේ වැනි රටවලට වන්දි ගෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටවල් 134 කින් සමන්විතට ජී 77 සමුළුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පැවසී ය.

ගෝලීය දකුණේ රටවල සිට උතුරේ රටවලට සිද්ධ වන බුද්ධි ගලනය, අපේ වැනි රටවල තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බව ජනාධිපතිවරයා පවසයි.

චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව, ඔවුන්ගේ ශ්‍රම බලකාය පෝෂණය කරමින් සිටින බවත්, ඒ මගින්, විද්‍යාව තාක්ෂණය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල ප්‍රගතියක් අත්කර ගැනීමට ඔවුන් සමත් වූ බවත් ජනාධිපතිවරයා පවසයි.

මේ තත්ත්වය යටතේ, අපේ ශ්‍රම බලකාය අහිමි වීමට අදාලව, ධනවත් රටවලින් අපි වන්දි ඉල්ලා සිටිය යුතු බව ජී 77 සමුළුව අමතමින් ජනාධිපතිවරයා යෝජනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 4 =