අභියාචනය ඉවත..! මහජන දේපළ කොල්ල කෑ මැලේසියානු හිටපු අග්‍රාමාත්‍යවරයා වසර දොළහකට හිරේ දමයි.

0
505

අභියාචනය ඉවත..!
මහජන දේපළ කොල්ල කෑ
මැලේසියානු හිටපු අග්‍රාමාත්‍යවරයා වසර දොළහකට හිරේ දමයි.

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වන නජීබ් රසාක් දොළොස් වසරක හිරදඩුවමකට ලක් කොට තිබේ.

ඒ ඔහු විසින් ගොනු කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.

හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබුණු අතර, 2020 ජූලි මාසයේ දී අදාල චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඔහු වරදකරු කරන ලද්දේ ය.

තමන්ට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසා සිටි හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කළ අතර එම අභියාචනය ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව 69 වියැති නජීබ් රසාක් වසර දොළහක සිරදඩුවමකට ලක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 6 =