අයවැයෙන් රාජ්‍යසේවක වැටුප් ඉහළට.
ජනපති පොරොන්දු වෙයි.
ලබන වසර සදහා ඉදිරිපත් කරනු ලබන අයවැය මගින්, රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබේ.
ජනාධිපතිවරයා, ඊයේ දිනයේ දී මෙම පොරොන්දුව කැබිනට් මණ්ඩලයට ලබා දී තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීමට අමතරව, පුද්ගලික අංශයේ සේවකයන් සදහා ද වැටුප් වැඩිකිරීමක් කරන ලෙස තමන් ඉල්ලා සිටින බවදජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින්, ජාතික ජන බලවේගය විසින් විරෝධතා මාලාවක් දියත් කර තිබෙන නමුත්, තමන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට තීරණය කලේ එම විරෝධතා නිසා නොවන බව ද ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තා වේ.
නොවැම්බර් 13 වන දා ජනාධිපතිවරයා විසින් ලබන වසර සදහා වූ අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.