සුබසාධන වියදම්
රු.බි. 65 සිට 200 දක්වා ඉහළට.
රාජ්‍ය සේවකයන්ට
රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක්..?
දේපළ බද්ධ නමින් අළුත් බද්දක්..?
අයවැය හෙට පාර්ලිමේන්තුවට..!
2024 වසර සදහා වූ අයවැය යෝජනා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනයේ දී පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙවර අයවැස සුබසාධනය ඉලක්ක කරගත් අයවැයක් වනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින්, පුවත්පත වාර්තා කර සිටින්නේ, මෙවර සුබසාධනය සදහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන දෙසීයක් වනු ඇති බවයි.
පසුගිය වසරේ සුබසාධනය සදහා වෙන් කර තිබුණු රුපියල් බිලියන 65 ක මුදල සමග සන්සන්ධනය කිරීමේ දී එය සැලකිය යුතු මට්ටමක ඉහළ අගයකි.
දැනට පවතින බදු සදහා සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත අතර, දේපොළ සහ ඉඩම් බද්ධ වශයෙන් අළුත් බද්ධක් මේ නව අයවැයෙන් හදුන්වාදීමට නියමිත බවද වාර්තා වේ.
රාජ්‍ය අංශ සේවකයන් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය හෙට දිනයේ දී හෙළි වනු ඇත.
රාජ්‍ය අංශ සේවකයන් සදහා රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය තීරණය කළහොත්, ඒ මගින් රාජ්‍ය වියදම එක් මාසයක් සදහා රුපියල් බිලියන 14 කින් ඉහළ යයි.
මෙවර අයවැය හරහා, බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අදාල පියවර රජය විසින් හෙළි කරනු ඇති බව ද පැවසේ.