අයි.එම්.එෆ් උදව්
තවමත් අඩමානයි..!
ලංකාවට ලබා දී තිබෙන ණය ආපසු අයකර ගැනීම සදහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට චීන එක්සිම් බැංකුව එකග වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන මුදල ලබා ගැනීමට චීනය සහාය දක්වන බවද ප්‍රකාශ කර තිබේ.
ඒ අතර ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තමන් සහාය දෙන බවජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, පසුගිය ජනවාරි 19 වනදා චීන එක්සිම් බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට යොමු කර තිබෙන ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය කඩිනමින් ලබා ගැනීම සදහා ප්‍රමාණවත් නොවනු ඇති බව පැවසේ.
චීන එක්සිම් බැංකුව විසින් ලබා දී ඇති ලිපියට අනුව 2022 වස 2023 යන වසර සදහා ලංකාව ගෙවිය යුතු ණය ආපසු ගෙවීමට ඔවුන් වසර දෙකක සහන කාලයක් ලබා දී තිබේ.
චීන එක්සිම් බැංකුව 2020 වසර අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.83 ක් ලබා දී ඇති අතර එය දිවයිනේ සමස්ත විදේශීය ණය ප්‍රමාණයෙන් 3.5% ක් බව පැවසේ.
චීන් එක්සිම් බැංකුව ලබා දී තිබෙන ලිපියට අනුව ඔවුන් ලබා දී තිබෙන ණය සදහා 2022 සහ 2023 යන වසර දෙක තුළ දී ණය වාරික හෝ ණය පොලී ගෙවීමට ලංකාවට සිදු නොවනු ඇත.
පසුගිය වසර අවසන් වන විට ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.4ක් බව පැවසේ. එය මෙරට සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් පහෙන් එකකි.