අයි.එම්.එෆ් එක පවා මැතිවරණයක් අවශ්‍ය බව කියනවා.
ඡන්ද කරන්න මුදල් නෑ කීම පිළිගත නොහැකියි.
මැතිවරණ කොමිසමේ සභාපති.
ඡන්දයට වියදම් කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරු මේ මොහොතේ ඡන්දයක් පැවැත්වීමට මුදල් නොමැති බව කීම පිළිගත නොහැකි බවද ඒ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මැතිවරණයක අවශ්‍යතාවය පිළිබදව අවධානය යොමු කර ඇති බවද සලකුණ දේශපාලන සංවාදයට එක් වෙමින් ඔහු පැවසී ය.
මැතිවරණයට ගියහොත් රජයේ සේවක වැටුප් ගෙවීමට හෝ සමෘද්ධිය ගෙවීමට හෝ ඖෂධ මිලදී ගැනීමට හෝ මුදන් නොමැති වනු ඇතැයි ආණ්ඩුවේ මැති ඇමතිවරු කරන ප්‍රකාශ හෙලා දකිමින් නිමල් පුංචිහේවා මහතා පවසා අයවැයෙන් මේ සියල්ල සදහා කල්තබා මුදල් වෙන් කර ඇති බවයි.