අයි.එම්.එෆ් ණය අනුමත වූ සැනින් ඩොලර් බිලියන 8.4 ක සංචිතයක් රැස්කරන බව රජය කියයි.

0
531

අයි.එම්.එෆ් ණය අනුමත වූ සැනින්
ඩොලර් බිලියන 8.4 ක
සංචිතයක් රැස්කරන බව රජය කියයි.

රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

එහි පළමු පියවර වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම ලබා ගැනීමයි.

බොහෝ දුරට එම ණය මුදල මාර්තු විසිවන දා වන විට අනුමත වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එම ණය අනුමත වීමෙන් පසුව ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් බිලියනයක මුදලක් ලබා දීමට නියමිත ය.

මීට අමතරව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම හරහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් රැස්කර ගැනීමට රජය අපේක්ෂා කරයි.

රජයේ මෙම අපේක්ෂාව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසින් හෙළිකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 6 =