අයි.එම්.එෆ් ණය තීන්දුයි. පළමු වාරිකය ඩොලර් මිලියන 300 ක් මාර්තු අග හෝ අප්‍රේල් මුල ලැබීමට නියමිත ය.

0
639

අයි.එම්.එෆ් ණය තීන්දුයි.
පළමු වාරිකය ඩොලර් මිලියන 300 ක්
මාර්තු අග හෝ අප්‍රේල් මුල
ලැබීමට නියමිත ය.

සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුමත කර තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුළු ණය මුදලෙන් ඩොලර් මිලියන තුන්සියයක් වන එහි පළමු වාරිකය ලෙස මාර්තු අග හෝ අප්‍රේල් මුල ලැබීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබූ කොන්දේසි සපුරාලමින් ඒ හා සමග ඉදිරියට යාමට ශ්‍රී ලංකා රජය එඩිතරව ඉදිරිපත් වීම පිළිබදව අයි.එම්.එෆ් ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ප්‍රණාමය පුදකර තිබේ.

අදාල ණය මුදල අනුමත වී එම ණය ලංකාව වෙනුවෙන් නිදහස් කිරීම දක්වා මාස හයකට ආසන්න කාලයක් දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු විය.

චීනයෙන් ණය ලබාගෙන තිබෙන රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාවන ක්‍රිස්ටලීනා ජෝර්ජිවා සහ චින අග්‍රාමාත්‍යවරයා අතර වෙනම සාකච්ඡාවක් සිදුව තිබේ. එම සාකච්ඡා ඵලදායී ලෙස අවසන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 5 =