‘අයි.එම්.එෆ් ණය මේ වසරේ නොලැබේ.’ රොයිටර් වාර්තා කරයි.

0
133

‘අයි.එම්.එෆ් ණය
මේ වසරේ නොලැබේ.’
රොයිටර් වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව, ශ්‍රී ලංකාවට පොරොන්දු වී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය මේ වසර අවසන් වීමට පෙර අනුමත නොකරනු ඇති බව විශ්වාසකටයුතු මූලාශ්‍ර ඇසුරෙන් තමන්ට දැනගන්නට ලැබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඩොලර් බිලියන 2.9 ක ණය සදහා ශ්‍රී ලංකා රජය පසුගිය ජූනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික එකගතාවයකට පැමිණි බව වාර්තා විය.

මාණ්ඩලික එකගතාවයට අනුව ලබා දීමට පොරොන්දු වී තිබෙන ඩොලර් බිලියන 2.9 ක ණය මුදල මේ වසරේ දෙසැම්බර් මාසය තුළ ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා බළධාරීන් අපේක්ෂා සහගතව බලා සිටියේ ය.

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විමසා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ ලංකාවට ලබා දීමට නියමිත ණය පහසුකම විධායක සභාව විසින් අනුමත කරන දිනය පිළිබදව ඔවුන්ට නිශ්චිතව සදහන් කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + nineteen =