අයි.එම්.එෆ් ණය ලැබීම මාර්තු 20.

0
309

අයි.එම්.එෆ් ණය ලැබීම
මාර්තු 20.

මාර්ත-ු විසිවන දා රැස්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ලංකාව සදහා අනුමත කර තිබෙන ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම මුදා හැරීම සම්බන්ධයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ණය මුදල ලබා ගැනීම සදහා අවශ්‍ය සියළු කොන්දේසී ශ්‍රී ලංකා රජය සපුරා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමට චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජයට අයත් රටවල සහයෝගය මේ වන විට ලැබී ඇති බවද ඇය කියයි.
මාර්තු විසිවනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව රැස්වීමට නියමිත අතර එදිනට ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාව විධායක සභාවට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වූ බව මාර්තු විසි වන දා නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිද්දවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + nine =