‘අයි.එම්.එෆ් ණය ලැබෙන කල් බකන් නිලාගෙන ඉන්ඩ එපා..!’ ජපානය කියයි.

0
560

‘අයි.එම්.එෆ් ණය ලැබෙන කල්
බකන් නිලාගෙන ඉන්ඩ එපා..!’
ජපානය කියයි.


අයි.එම්.එෆ් ණය සහන ලැබෙන තෙක් බලා නොසිටින ලෙස ජපානය ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි.
මේ මොහොතේ ශ්‍රී ලංකාව කළ යුත්තේ ආර්ථික වර්ධනයසදහා නව අවස්ථාවන් නිර්මාණය කර ගැනීම බව ජපානය යෝජනා කරයි.

එළැඹෙන සිකුරාදා දිනයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද තීරණාත්මක සාකච්ඡා ශ්‍රී ලංකා රජය ආරම්භ කිරීමට නියමිත ය.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ජපානය සක්‍රීයව දායක වන බව පවසන ජපානය ඒ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර ලැබෙන තෙක් බලා සිටීම නොකළ යුතු බව ශ්‍රී ලංකාවට අවාධාරණය කරයි.

ශ්‍රී ලංකා අපනයන කේන්ද්රීය ආර්ථිකයකට යා යුතු බව ද ජපානය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි ඔටාරෝ මහතා විසින් ඊයේ දිනයේ දී මෙම අදහස් පළ කර තිබේ.

එමෙන්ම මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජන කොටස් සදහා සහන සැලසීමට රජය කටයුතු කළ යුත-ු බවටද ජපානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 5 =