අයි.එම්.එෆ් ණය සිහිනය බොදවිය හැකියි..! වහා වෙනත් විකල්පයක් හොයන්න…!

0
689

“අයි.එම්.එෆ් ණය සිහිනය
බොදවිය හැකියි..!
වහා වෙනත් විකල්පයක් හොයන්න…!”
චම්පික අනතුරු හගවයි.


ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සදහා ඇති එකම විකල්පය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම යන විසදුමින් ඉවත්වීමට කාලය උදා වී ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට නම්, ලංකාවට ණය ලබා දී ඇති සියළු පාර්ශ්වයන් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට එකග විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

ලංකාවේ ප‍්‍රධානතම ද්වීපාර්ශ්වික ණය හිමියා චීනය බවත්, ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට චීනය සමග සාකච්ඡුා අරභන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණි.

මේ වන විට රටවල් කිහිපයක් ම ඔවුන්ගේ රටවල ආර්ථික සුරක්ෂිතතාවය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය බලාපොරොත්තු වේ.
ඔවුන් සියල්ලන්ටම තමන් ලබාගෙන තිබෙන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ණය හිමියන් විසින් ලබා දෙනු ඇද්ද යන්න සැක සහිතය.

මේ තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගෙන ගොඩ යෑමට ලංකාව දකිමින් සිටින සිහිනය බොදවිය හැකි බවත්, එබැවින්, වෙනත් විකල්ප වෙත අවධානය යොමු කළ යුතු බවත් චම්පික රණවක අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =