‘අයි.එම්.එෆ් නියෝගයක් ජනවාරියෙන් පසුව ඉන්ධන නැව් සදහා ඩොලර් ගෙවීම මහබැංකුවට තහනම්…!’ විමල් හෙළිකරයි.

0
406

‘අයි.එම්.එෆ් නියෝගයක්
ජනවාරියෙන් පසුව
ඉන්ධන නැව් සදහා ඩොලර් ගෙවීම
මහබැංකුවට තහනම්…!’
විමල් හෙළිකරයි.


එළැඹෙන ජනවාරියෙන් පසුව ඉන්ධන හෝ වෙනත් දෑ ආනයනය සදහා මහබැංකුව සතු ඩොලර් සංචිතයෙන් ඩොලර් ලබා දීම නවතන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර ඇතැයි හිටපු අමාත්‍ය විවිල් විමල් වීරවංශ මහතා පවසයි.

හිරු නාලිකාව ඔස්සේ විකාශය වූ සළකුණ වැඩසටහන සදහා සහභාගී වෙමින් ඔහු මේ බව පැවසී ය.

මේ කොන්දේසිය අනුව ඉන්ධන සදහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය තරමට ඩොලර් ලබා දීමට රාජ්‍ය හෝ පුද්ගලික බැංකු සමත් වේ යැයි තමන් නොසිතන බව පවසන හිටපු අමාත්‍යවරයා ඒ අනුව ජනවාරියෙන් පසුව නැවත ඉන්ධන අර්බුදයක් ඇති විය හැකි යැයි අනුමාන කරයි.

ඔහු පවසන්නේ ජනවාරියෙන් පසුව කියුආර් කේත ක්‍රමයට හෝ ඉන්ධන ලබාගතහැකිවේදැයි ප්‍රශ්නයක් පැන නගින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 4 =