අයි.එම්.එෆ් පළමු ණය වාරිකය ලැබුණු පසු වජිරටයි තවත් අයටයි ඇමති ධූර…!

0
244

අයි.එම්.එෆ් පළමු ණය වාරිකය ලැබුණු පසු
වජිරටයි තවත් අයටයි ඇමති ධූර…!


අමාත්‍ය මණ්ඩලය සදහා අළුතින් අමාත්‍යවරු පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීමෙන් පසු සිදු කරන බව වාර්තා වේ.
අළුතින් පත් කරනු ලබන ඇමති මණ්ඩලයට වජිර අබේවර්ධන ද අයත් බව මාධ්‍ය වාර්තා කරයි.

ඇමති ධූර සදහා දස දෙනෙකුගෙන් සමන්විත නාම ලේඛනයක් පොහොට්ටු පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති අතර පළමු වටයේ දී පවිත්‍රා දේවී වන්නිආරච්චිගේ නම පමණක් ජනාධිපතිවරයා විසින් තෝරා ගෙන තිබුණි.

යෝජිත අනෙක් පිරිසට අමාත්‍ය ධූර පිරිනැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබෙන තෙක් පස්සට කල් දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 9 =