“අයි.එම්.එෆ් සමග ගනුදෙනුව හොඳ යැයි සිතන්නේ ජනගහනයෙන් 28% ක් පමණි.” – වෙරිටේ රිසර්ච්.

0
273

“අයි.එම්.එෆ් සමග ගනුදෙනුව
හොඳ යැයි සිතන්නේ
ජනගහනයෙන් 28% ක් පමණි.”
– වෙරිටේ රිසර්ච්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙල, අවසානයේ දී මෙරට ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ, මෙරට ජනගහනයෙන් 28% ක පිරිසක් පමණක් බව, වෙරිටේ රිසර්ච් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් 1008 දෙනෙකු සම්බන්ධ කර ගනිමින්, වෙරිටේ රිසර්ච් මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ පසුගිය ජූනි මාසයේ දී ය.

සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් 45% ක් ම පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන ගමනෙන් යහපතක් නොවන බවයි.

සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් 27% ක්, අයි.එම්.එෆ් සමග සිදු කරන මේ ගනුදෙනුව, යහපත් එකක් වනු ඇද්ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 2 =