“අයි.සී.සී. තහනම ශම්මිගේ ඉල්ලීම මත සිදු කළා විය හැකියි..! ESPN-cricinfo වාර්තා කරයි.

0
1934

“අයි.සී.සී. තහනම
ශම්මිගේ ඉල්ලීම මත
සිදු කළා විය හැකියි..!”
ESPN-cricinfo වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට රජයේ ඇගිලි ගැසීම් හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම පියවර ගෙන තිබෙන්නේ, සැබෑ වශයෙන්ම, ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත් හිටුවීමට නොව, තවදුරටත් ක්‍රිකට් පරිපාලනයට ඇගිලි නොගසන්නයි කරන අනතුරු හැගවීමක් ලෙස යැයි ESPNcricinfo පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන තිබෙන මෙම පියවරෙන්, ක්ෂණික බලපෑමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදු නොකරයි.
ඊට හේතුව වන්නේ, දෙසැම්බර් දක්වා, ශ්‍රී ලංකා කණ්ඩායමට අදාලව කිසිදු තරගාවලියක් ක්‍රියාත්මක නොවීමයි. එමෙන්ම, අයි.සී.සී. අරමුදල් නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ ජනවාරියේ දී ය.

මෙම දැඩි පියවර ගන්නා ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇතැයි සිතිය හැකි බව ESPNcricinfo තවදුරටත් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මේ වන විට ඉන්දියාවට ගොස් සිටින අතර, ශම්මි සිල්වා, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිගනු ඇති බවද ESPNcricinfo පවසයි.

එමෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි රැස්වීම් සදහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ශම්මි සිල්වා සහභාගී වනු ඇතැයි වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − four =