අයි.සී.සී.පී.ආර්.
යටතේ අත්අඩංගුවට ගනු ලැබූ
රම්සී රාසික්,
වසර තුනකට පසුව සියළු චෝදනාවන්ගෙන්
නිදහස් කරයි..!
අයි.සී.සී.පී ආර් පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ රම්සී රාසික්, ඔහුට එරෙහිව එල්ල කර තිබූ සියළු චෝදනාවන්ගෙන් නිදහස් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, රම්සි රාසික් අත්අඩංගුවට ගනු ලැබුවේ, 2020 අප්‍රේල් මාසයේ නම වන දා ය.
කටුගස්තොට පිහිටි ඔහුගේ නිවසේ දී එම අත්අඩංගුවට ගැනීම සිදු විය.
අත්අඩංගුවට ගැනීමට හේතුව වී තිබුණේ, 2020 වසරේ අප්‍රේල් දෙවන දා ෆේස් බුක් සමාජ මාධ්‍යයේ ඔහු විසින් පළකළ පෝස්ටුවකි.
එකී පෝස්ටුවේ ජිහාඩ් යන වචනය ඔහු භාවිතා කර තිබුණු අතර, එකී වචනය මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
අත්අඩංගුවට ගනු ලැබූ රම්සී රාසික්, මාස පහක පමණ කාලයක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවාගෙන තිබුණි. පසුව ඇපමත ඔහු මුදා හැරියටද,
වසර තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ඇදගෙන ගියේ ය.
අවසානයේ දී ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූ අතර, ඒ අනුව, පසුගිය 21 වන දා රම්සි රාසික් ට එරෙහිව පැවති සියළු චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.