අය වැයට තුනෙන් දෙක ලබා දීම
ප්‍රධාන අරමුණයි.
බැසිල් හෙට ලංකාවට පැමිණෙයි.
බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ දී යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ දී ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත්ව ඇති අතර හෙට දින මෙරටට පැමිණෙනු ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටියි.
මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බැසිල් රාජපක්ෂ මහතා ඉන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස් වී පසුගිය සැප්තැම්බරයේ ඇමරිකාව බලා පිටත් විය.
ඔහු නැවත පැමිණීමේ ප්‍රධාන අරමුණ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සදහා තුනෙන් දෙකක ඡන්දය ලබා දී ම යි.
ඊට අමතරව පොහොට්ටු පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමටද ඔහු අදහස් කරන බව පැවසේ.