අරක්කු සමාගම් නොගෙවූ සුරා බදු
රු. කෝටි 551 ක්.
මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් ගණනාවක්, එම සමාගම් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 551 ක බදු මුදල් ප්‍රමාණයක් ගෙවීම පැහැර ඇති බව වාර්තා වේ.
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර වාර්තාවක් උපුටා දක්වමින් අද වෙළද පොළට නිකුත්ව තිබෙන ලංකාදීප පුවත්පත මේ බව වාර්තා කර තිබේ.
නොගෙවූ බදු මුදල් ප්‍රමාණය ගණන් බලා ඇත්තේ පසුගිය වසරේ අග භාගයට අදාලවයි.
ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් වලින් රුපියල් කෝටි 549 ක් ද, රා නිෂ්පාදනය කරනු ලබන සමාගම්වලින් රුපියල් කෝටියක මුදලක් සහ ස්කාගාරවලින් තවත් රුපියල් එක්කෝටි හැට පන් ලක්ෂයක මුදලක් ද සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතුව ඇති බව පැවසේ.