අරක්කු සමාගම් පහෙන්
එක් සමාගමක් හිග බදු මුදල් ගෙවා
බලපත්‍රය අළුත් කර ගනී.
හිග බදු නොගෙවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර අහෝසි කර දමන ලද අරක්කු නිෂ්පාදන සමාගම් පහෙන් එක් සමාගමක්, හිග මුදල් වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව මත සිය බලපත්‍රය අළුත් කරගෙන තිබෙන බව, ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කරන ලද ගෙවීම් සැලැස්මකට අනුව මෙම ගෙවීම් සති පතා සිදු කළ යුතුව ඇති අතර, එක් සතියක හෝ ගෙවීම් පැහැර හැරීමක් සිදුවහොත්, නැවතත් බලපත්‍රය අහෝසි වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව සදහා හිග බදු මුදල් නොගෙවීම හේතුවෙන්, සමාගම් පහක අරක්කු නිෂ්පාදන බලපත්‍ර ඔක්තෝබර් මාසයේ 31 වන දා යින් අහෝසි විය.
බලපත්‍ර අහෝසි වූ සමාගම් පහ වන්නේ,
මෙන්ඩිස් සමාගම,
වයඹ ඩිස්ටලරීස් සමාගම,
සිනර්ජි ඩිස්ටලරීස් සමාගම,
ෆින්ලන්ඩ් ඩිස්ටරලීස් සමාගම සහ
රන්දෙණිගල ඩිස්ටලරීස් යන සමාගම් ය.
හිග බදු මුදල් ගෙවීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව සමග ඇති කරගත් එකගතාවය මත නැවත බලපත්‍රය ලබාගෙන ඇත්තේ ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම බව ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.