අරගලකරුවෝ ගෝඨාගේ නිවස වටලා
අදට හරියටම වසරක්…!
වර්ෂ පූර්ණ සැමරුමට මුහුණ දීමට
තුන්දහසක ආරක්ෂක බලඇණියක් මිරිහානට කැදවයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරියට රැස් වූ විරෝධතාකරුවන්, වහාම ජනාධිපති දූරයෙන් ඉවත්වන ලෙස ඔහුට බල කර සිටියේ හරියටම අද වැනි දිනයක දී ය.
එම දිනය, පසුගිය වසරේ රට තුළ මතු වූ විරෝධතා රැල්ලේ එක් වැදගත් සන්ධිස්ථානයකි.
විරෝධතාවය සදහා සහභාගී වූ දහස් ගණනක් වූ විරෝධතාකරුවන් අතරෙන් විශාල ප්‍රමාණයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුදා ඔවුන් නිදහස් කර ගැනීම සදහා සිය ගණනක් නීතීඥවරු අධිකරණයට පැමිණ සිටියේ ය.
අදට යෙදී තිබෙන එකී ජන අරගලයේ පළමු සැමරුම වෙනුවෙන් අරගලකරුවන් අද දිනයේ දී ද මිරිහානට රැස් වීමට නියමිත බව වාර්තා වේ.
අරගලකරුවන්ට මුහුණ දීම සදහා පොලිස් නිළධාරීන් 1500 ක පමණ පිරිසක්ද ඇත-ුළුව ආරක්ෂ අංශ සාමාජිකයන් 3000 කගෙන් පමණ සමන්විත බල ඇණියක් මිරිහානට කැදවා ඇති බව වාර්තා වේ.