‘අරගලයෙන් පොහොට්ටු පක්ෂයේ ඡන්ද පදනමට කිසිදු බලපෑමක් සිද්ධ වුණේ නෑ.’ පොහොට්ටු පක්ෂ මහලේකම් කියයි.

0
68

‘අරගලයෙන් පොහොට්ටු පක්ෂයේ ඡන්ද පදනමට
කිසිදු බලපෑමක් සිද්ධ වුණේ නෑ.’
පොහොට්ටු පක්ෂ මහලේකම් කියයි.


අරගලයෙන් පොහොට්ටු පක්ෂයේ ඡන්ද පදනමට කිසිදු බලපෑමක් සිදු වී නැති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසා තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී පොහොට්ටු පක්ෂය සමග සන්ධානගත වීමට සූදානමින් සිටින අනෙකුත් සහෝදර පක්ෂ නායකයන් සමග පැවති හමුවෙන් පසුව ඔහු මේ බව පවසා ඇතැයි ඩේලි එෆ්.ටී. වෙබ් අඩවිය වාර්තා කරයි.

පනස් දහසත් ලක්ෂයත් අතර පිරිසක් අරගල කළ පමණින් තම ඡන්ද පදනම වෙනස් වී නැති බවයි මහලේකම්වරයා පවසා ඇත්තේ.

එසේම එළැඹෙන පළාත් පාලන මැතිවරණය ජය ගැනීමේ හැකියාව තම පක්ෂයට ඇති බව ද ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 1 =