අරගලය මෙහෙයවපු අයට දඩුවම් කළ යුතුයි…!
නාමල් රාජපක්ෂ.
අරගලයට සම්බන්ධ වූ පිරිස් පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළිවෙලක් රජය දියත් කර තිබෙන බව වාර්තා වන බවත් එහි සත්‍යතාවයක් තිබේද කියාත් මාධ්‍යවේදියෙකු විමසූවිට එවැනි අදහසක් රජයට නැතැයි නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ය.
අරගලය සම්බන්ධ වූ රැල්ලට පැමිණි අහිංසක තරුණයන් සිටින බව පවසන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔවුන් රිමාන්ඩ් කිරීම හෝ පොලිස් වාර්තා දීම හෝ අනාගතයේ ඔවුන්ට රැකියා ලබා ගැනීමට බැරි වෙන තැනට කටයුතු කිරීම වැරදි බව පවසයි.
ඒ නමුත් අරගලය මෙහෙය වූ අයට දඩුවම් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.
අරගල කරුවන් සිය බිරිදගේ නිවස සහ තමන්ගේ මහගෙදර ගිනි තබා විනාස කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.