දෙමව්පියෝ තරම් දරුවන්ට ආදරේ වෙන කවුද..
අරගල කරන මව්පියවරු
වෙනම සංවිධානයක් ගොඩ නගති.
ආර්ථික අර්බුදයට විසදුම් ඉල්ලා අරගල කරන මහජනතාව සමග එක්ව සිට ගැනීම සදහා දරුවන් සිටින දෙමව්පියන් විසින් ජාතික සංවිධානයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
රට ඇද වැටී තිබෙන තත්ත්වය හමුවේ වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ දෙමව්පියන් බවත් එබැවින් අරගල කිරීම ඔවුන්ගේ අයිතියක් බවත් නව සංවිධානයේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.
දෙමව්පියන් මෙන් දරුවන්ගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරන වෙනත් කිසිවෙකු නැති බව පවස පවසන අදාල සංගමයේ සියළුම දෙමව්පියන්ට ඔවුන් සමග එක්වන ලෙසට ආරාධනා කරයි.