අරාබි රටවල සේවයට යන සිංහලයන්ට අරාබි සංස්කෘතිය සහ භාෂාව පිළිබදව මූලික අධ්‍යාපනයක්…!

0
65

අරාබි රටවල සේවයට යන
සිංහලයන්ට අරාබි සංස්කෘතිය සහ
භාෂාව පිළිබදව මූලික අධ්‍යාපනයක්…!

ගල්ෆ් කලාපයේ රටවල සේවය කිරීම සදහා පිටත්ව යන පුහුණු හා නුපුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සදහා අරාබි භාෂාව සහ අරාබි සංස්කෘතිය පිළිබදව මූලික පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙලක් පිළිබදව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ අරාබි ලීගයේ රටවල් නමයක නියෝජිතයන්ගෙන් සමන්විත අරාබි කවුන්සිලයේ සාමාජිකයන් අතර අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී පවත්වා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා අරාබි කවුන්සිලයේ ප්‍රධානියා, පලස්තීන තානාපතිවරයා ඇතුළුව සවුදි අරාබිය, ඉරාකය සහ ඊජිප්තුව යන රටවල ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙම සාකච්ඡාව සදහා සහභාගී වී තිබේ.

මෙම සාකච්ඡාවේ දී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් පිළිබදවද සාකච්ඡා වූ බව අධ්‍යාපන අමාත්‍යංය නිවේදනය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × four =