අලස්ගේ ක්‍රියා කලාපය ගැන පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුත් නොසතුටින්.

0
290

අලස්ගේ ක්‍රියාකලාපය ගැන
පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුත් නොසතුටින්.

දිනෙන් දින වර්ධනය වන ඝාතන සහ පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පොලිසිය භාර අමාත්‍යවරයා වන ටිරාන් අලස් මහතා කටයුතු නොකරන්නේ නම්, ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පසුගිය දා පැවසී ය.

ලලිත් එල්ලාවල, පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද, මේ වන විට විපක්ෂය සමග එක්ව සිටින මන්ත්‍රීවරයෙකි.

අලස්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත්, විපක්ෂයේ සහාය මෙන්ම, ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහායද ඊට ලබා ගත හැකි බව ලලිත් එල්ලාවල මහතා වැඩිදුරටත් පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂ ජ්‍යේෂ්ඨයෙකුගෙන්, ද මෝර්නිං පුවත්පත විමසා තිබේ.

එහිදී අදාල ජ්‍යේෂ්ඨයා, ද මෝර්නිං පුවත්පත සමග පවසා ඇත්තේ, පොලිසිය භාර අමාත්‍යවරයා වන ටිරාන් අලස්ගේ කටයුතු සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්දට ගැටළුවක් පවතින බවයි.

ටිරාන් අලස්, කිසිවෙකුගේ අදහසකට ඇහුම්කන් නොදෙන, ඔහුගේම හිතූමතයට වැඩකරන අමාත්‍යවරයෙකු බවට මතයක් පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන් තුළ තිබෙන බව එකී පොහොට්ටු පක්ෂ ජ්‍යේෂ්ඨයා වැඩිදුරටත් පවසා තිබේ.

කෙහෙළියට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංගය පරාද කිරීමට පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු පහසුවෙන්ම පෙළඹවිය හැකිව තිබුනත්, යම් හෙයකින් විපක්ෂය විසින් පොලිසිය භාර අමාත්‍යවරයා වන ටිරාන් අලස්ට එරෙහිව විශ්වාස භංගය යෝජනාවක් ගෙන ආවොත්, ඊට එරෙහිව ඡන්දය භාවිතා කරන ලෙසට පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව එකී ජ්‍යේෂ්ඨයා පුවත්පත සමග පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =