‘අල්ලස් ගත් දූෂිතයන්ට පොදු සමාවක්…!’ දිල්රුක්ෂි ඩයස් යෝජනා කරයි.

0
191

‘අල්ලස් ගත් දූෂිතයන්ට
පොදු සමාවක්…!’
දිල්රුක්ෂි ඩයස් යෝජනා කරයි.


අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට පොදු සමාකාලයක් ලබා දීම සම්බන්ධයෙන් යෝජනාවක් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වන දිල්රුක්ෂි ඩයස් මහත්මිය යෝජනා කර තිබේ.

අල්ලස් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පරවා එම මුදල් නැවත අය කර ගැනීම දීර්ඝ කාලයක් ගතවන දුෂ්කර ක්‍රියාවලියක් බව ඈ පවසා තිබේ.

මේ තත්ත්වය මත අල්ලස් චෝදනා එල්ල වී ඇත පුද්ගලයන්ට ඔවුන් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති මුදල් නැවත මහාභාණ්ඩාගාරයට භාර දීමට හෝ එම මුදල් ආයෝජනය කිරීමට පොදු සමා කාලයක් ලබා දීමටත් ඔවුන් එසේ නොකරන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කළ යුතුව ඇති බව දිල්රුක්ෂි ඩයස් මහත්මිය යෝජනා කරයි.

අතීතයට බලපාන ලෙස මෙම පොදු සමාකාලය ලබා දීමටත් 2023 ජනවාරි මාසයේ පළමු වැනි දා සිට බලපැවැත්වෙන පරිදි අල්ලස වැලැක්වීමට විශේෂ නීති මාලාවක් සකස් කළ යුතු බවත් සියලු දෙනා එකම පවුලක් ලෙස ඒ සදහා එක්විය යුතු බවත් ඇය යෝජනා කරයි.

‘ද මෝර්නිං’ වෙබ් අඩවිය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 9 =