අල්ලස් ගැනීම-පහර දීම සහ කෲර වද හිංසා පැමිණවීම ඇතුළු විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් 500 කට එරෙහිව විමර්ශන ඇරඹේ.

0
202

අල්ලස් ගැනීම-පහර දීම සහ කෲර වද හිංසා පැමිණවීම ඇතුළු
විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන්
පොලිස් නිළධාරීන් 500 කට එරෙහිව විමර්ශන ඇරඹේ.

අල්ලස් ගැනීම, පහර දීම සහ කෲර වද හිංසා පැමිණවීම ඇතුළු විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් මේ වසර තුළ දී පොලිස් නිළධාරීන් පන්සියයකට එරෙහිව විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශන අරඹා ඇති බවයි පැවසෙන්නේ.

මෙම අපරාධවලට සම්බන්ධ පොලිස් නිළධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කර ඔවුන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටින බව ඉහළ පොලිස් නිළධාරියෙකු උපුටා දක්වමින් දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

විනයානුකූලව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව පොලිස් නිළධාරීන්ට කොතෙකුත් උපදෙස් දී තිබුණද ඇතැම් නිළධාරීන් නිල ඇදුම භාවිතා කරමින් විනය විරෝධී ක්‍රියාවන්ගේ නිරතවන බවද එම ඉහළ පොලිස් නිළධාරීයා පුවත්පත සමගා පවසා තිබේ.

දිවයින පුවත්පතට මේ බව වාර්තා කර තිබුනේ නෝමල් පලිහවඩන නම් මාධ්‍යවේදියා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − eight =