අල් ෂීෆා රෝහලට පසුව
ඊශ්‍රායල හමුදා
ගාසා තීරයේ තවත් රෝහලක් වටලති..!
ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ පිහිටි ඉන්දුනීසියානු රෝහල ද වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම රෝහල උතුරු ගාසා තීරයට ඉතිරිව ඇති එකම රෝහල බව පැවසේ.
රෝහලට එල්ල වූ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් අද දිනය තුළ දී, පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම රෝහල තුළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද ඇතුළුව හත් සියයක පමණ පිරිසක් රැදී සිටිති. සෑම දිනයක දී ම ප්‍රතිකාර සදහා තවත් සිය දෙනෙකු පමණ මෙම රෝහලට ඇතුළත් වන බව පැවසේ.
ඊශ්‍රායල හමුදා, අල් ෂීෆා රෝහලට සිද්ද කළ දේ ම, මෙම රෝහලටම සිදු කරනු ඇතැයි පලස්තීන වැසියන් බියෙන් පසු වෙති.
මේ අතර, අල් ෂීෆා රෝහල, හමාස් සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බව තහවුරු කිරීමට ඊශ්‍රායල හමුදා උත්සාහ කළද, එම චෝදනාව අමූලික බොරුවක් බව රෝහල් කාර්ය මණ්ඩලය පවසති.
පසුගිය ඔක්තෝබර් හත් වන දා සිට මේ දක්වා වූ කාලය තුළ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයන් දහතුන් දහස ඉක්ම වූ පිරිසක් මියගොස් තිබේ.