අලි පොහොට්ටු සන්ධානය ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්..!

0
93

අලි පොහොට්ටු සන්ධානය ගැන
අද තීරණාත්මක සාකච්ඡාවක්..!

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා දෙපාර්ශ්වය අතර සාකච්ඡාවෙක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පසුගිය අටවන දා සිදුව ඇති අතර එම සාකච්ඡාවේ දිගුවක් ලෙස අද සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

පළමු වටයේ සාකච්ඡා සදහා පොහොට්ටු පක්ෂය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දානන්ද අළුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන සංජීව එදිරිමාන්න සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර එජාපය වෙනුවෙන් වජිර අබේවර්ධන පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + nineteen =