අලි සබ්රී නොවැම්බර් අග එනවා කී
ආන්දෝලනාත්මක චීන නෞකාව
අද කොළඹ වරායට සේන්දු වෙයි.
ෂි යෑන් 06 පර්යේෂණ නෞකාව අද දිනයේ දී කොළඹ වරාය වෙත සේන්දු වන බව වාර්තා වේ. නැව අද සිට කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිත ය.
මෙම නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන්, ඉන්දියාව සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබුණි.
චීනය, මෙය පර්යේෂණ නෞකාවක් ලෙස හැදින්වූව ද, බටහිර රටවල් එය සලකන්නේ ඔත්තු බැලීමේ කාර්යය සදහා පැමිණෙන නෞකාවක් ලෙසයි.
චීනය, ඔක්තෝබර් මාසයේ 25 වන දා, කොළඹ වරායට පැමිණීම සදහා නෞකාවට අවසර දෙන ලෙස ලංකා රජයෙන් ඉල්ලා තිබුනද, ලංකාව ඒ දිනය පිළි නොගන්නා බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කර තිබුණි. ඔහු පවසා තිබුණේ ජාත්‍යන්තර සමුළු කිහිපයක්ම රට තුළ පැවැත්වීමට නියමිතව ඇති බැවින්, නෞකාව, නොවැම්බර් මාසයේ අග භාගයේ දී එවන ලෙස රජය චීනයෙන් ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත්, චීනය, ඔවුන් පෙර සැලසුම් කර තිබූ දිනයේ දී ම, නෞකාව කොළඹ වරාය බලා එවා තිබේ.