අලුත් අවුරුද්ද දා රාත්‍රියේ
වෙඩි තබා සිදු කළ ඝාතන දෙකක්…!
එකක් අහුංගල්ලේ.
අනෙක සීදුවේ.
සිංහල හින්දු අලුත් අවුරුදු දිනය වූ ඊයේ දිනයේ දී වෙඩි තබා සිදුකළ මිනිස් ගාතන දෙකක් පිළිබදව වාර්තා වේ.
එක් ඝාතනයක් වාර්තා වූවේ සීදුවෙනි. අනෙක අහුංගල්ලෙනි.
අහුංගල්ලේ දී සිදු වූ ඝාතනය, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ යතුරු පැදියකින් සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.
සීදුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිළධාරියෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.