‘අවශ්‍ය මොහොතේ;
බැටන් ප්‍රහර එල්ල කර නෑ.
අහසට හෝ දණහිසෙන් පහළට වෙඩි තබා නෑ.’
විරෝධතා පාලනය කරගත නොහැකි වූ හේතු රජය සොයා ගනියි.
ආසන්න කාලය තුළ මතු වූ විරෝධතා සහ ඒ හා සමග ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වීම සදහා ත්‍රිවිධ හමුදාවේ හෝ බුද්ධි අංශවල දුර්වලතා බලපා ඇත්දැයි සොයා බැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව ඒ සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇතැයි අද වෙළද පොළට නිකුත්ව තිබෙන ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.
ජනාධිපතිවරයාට ලබා දී ඇති වාර්තාවට ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වීම සදහා බුද්ධිඅංශ – පොලිසිය සහ ත්‍රිවිධ හමුදා යන පාර්ශ්ව සියල්ලන්ගේ දුර්වලතා හේතු වී තිබේ.
මාර්තු 31 වන දා සිට ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වීම සදහා අවශ්‍ය මොහොතේ බැටන් ප්‍රහාර එල්ල කිරීම ගුවනට හෝ දණහිසෙන් පහළට වෙඩි තැබීම ආදිය සිදු නොකිරීම බලපා ඇති බව වාර්තාව සදහන් කරයි.
මෙම කමිටුවේ සභාපති වන්නේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩයි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාව තීරණාත්මක ලෙස මැදිහත් නොවීම සදහා බලපා ඇති කරුණු කිහිපයක් මෙම කමිටුව විසින් මතුකර පෙන්වා දී තිබේ.
ඒ අනුව රතු පස්වල සහ රඹුක්කන සිද්ධිවලදී එම විරෝධතා මැඩපැවැත්වීමට සම්බන්ධ වූ ආරක්ෂක නිළධාරීන් රජය පසුව අත්හැර දැමූ බවක් පෙනී යාම,
නීතීඥ සංගමය ආරක්ෂක හමුදා අත්හැර දමා විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටීම,
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මැදිහත් වූ හමුදා නිළධාරීන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවලදී රජය ඔවුන් අතහැර ඇති බවක් පෙනී යාම,
බුද්ධි අංශ අතර සම්බන්ධීකරණයක් හෝ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේදී කාර්යක්ෂමතාවයක් පෙන්නුම් නොකිරීම වැනි කරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීම සදහා පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීම ප්‍රමාණවත් ලෙස සිදු නොවීම සදහා බලපා ඇති බව හදුනාගෙන ඇත.