අවස්ථා තුනකදී මරණය ගැන අදහස් තුනක්..! 1. ගෙල සිර කිරීමෙන්. 2. ගෙල සිරකර ගැනීමෙන්. 3. සයනයිඩ් ශරීරගත වීමෙන්. පවුලේ ඥාතීන් වෛද්‍ය වාර්තා පිළිගත නොහැකි බව කියයි.

0
211

අවස්ථා තුනකදී මරණය ගැන අදහස් තුනක්..!
1. ගෙල සිර කිරීමෙන්.
2. ගෙල සිරකර ගැනීමෙන්.
3. සයනයිඩ් ශරීරගත වීමෙන්.
පවුලේ ඥාතීන් වෛද්‍ය වාර්තා පිළිගත නොහැකි බව කියයි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ලෙස දැක්වෙන වෛද්‍ය වාර්තා පරස්පර විරෝධී බැවින් ඒවා පිළිගත නොහැකි බව ඔහුගේ පවුලේ ඥාතීන් අද දිනයේ දී අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙන බව පැවසේ.

දිනේශ් ෂාෆ්ටර් මහතාගේ සිරුර බොරැල්ල පොදු සුසාන භූමිය ත-ළ ගාල් කර තිබුණු ඔහුගේ මෝටර් රථය තුළ තිබී පසුගිය දෙසැම්බර් 15 වන දා සොයා ගන්නා ලදී.

ඊට පහුවදා, එනම් දෙසැම්බර් 16 වන දා සිදු කරන ලද කෙටි මරණ පරීක්ෂණයක දී එම මරණය තන්තුවකින් ගෙළ සිර කිරීමෙන් කරන ලද එකක් බව ප්‍රකාශ විය.

මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුහුල් හක් යන අය විසිනි.

තවත් දින කිහිපයකට පසුව අදාල අධිකරණ වෛද්‍ය නිළධාරියා විසින්ම දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් දෙවන අදහස් දැක්වීම ප්‍රකාශ කර තිබුනු අතර ඊට අනුව මරණයට හේතුව තන්තුවකින් ගෙල සිරකර ගැනීමයි. නැතහොත් එය සියදිවි නසා ගැනීමකි.

ඉන් තවත් දින කිහිපයකට පසුව ඊයේ දිනයේ දී දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ත-ුන්වන අදහසක් ද කරළියට පැමිණි අතර ඉන් කියැවුණේ ඔහුගේ මරණය සයනයිඩ් නමැති විෂ ශරීරගත වීමෙන් සිදුවූවක් බවයි.

දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අවස්ථා තුනක- දී එකිනෙකට පරස්පර අදහස් තුනක් ප්‍රකාශ වී ඇති බැවින් මරණ පරීක්ෂණය සැක සහිත බව දිනේශ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =