“අවුරුදු එක හමාරක් තිස්සේ ප්‍රමාණවත් තරමට ඖෂධ නෑ..!නිදහස් සෞඛ්‍ය සේවය ඈවරයි දෑවරයි….!” ශ්‍රී ලංකා වෛද්‍ය සභාව.

0
123

“අවුරුදු එක හමාරක් තිස්සේ
ප්‍රමාණවත් තරමට ඖෂධ නෑ..!
නිදහස් සෞඛ්‍ය සේවය
ඈවරයි දෑවරයි….!”
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව.

මේ වන විට රජයේ රෝහල්තුළ ඖෂධ හිගය ඉතාමත්ම බරපතල අඩියකට වැටී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි වී යාමේ අවදානමක් නිර්මාණය වී ඇති බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසයි.

විශේෂයෙන්ම, රජයේ රෝහල්වල සායන සදහා පැමිණෙන රෝගීන්ට ලබා දීමට ඖෂධ රෝහල් තුළ නැති බව පවසන වෛද්‍යවරයා, වෛද්‍යවරුන්ට කළ හැකි එකම දේ අවශ්‍ය බෙහෙත් පිටතින් ලබා ගන්නා ලෙස තුණ්ඩු ලිවීම පමණක් යැයිද පවසයි.

වෛද්‍යවරු තුණ්ඩු ලියා දුන්නද, රෝගීන්, අදාල ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් ලබා නොගන්නා බව ද වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසයි. ඊට හේතුව, ඖෂධ මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් පැවතීමයි.

රජයේ රෝහල්වල පවතින මෙම ඖෂධ හිගය වසර එක හමාරක පමණ කාලයක සිට ඇදී එමින් තිබෙන තත්ත්වයක් බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා පවසයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතාද, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120 ක පමණ හිගයක් රෝහල්තුළ බවතින බව පවසා තිබේ.

හිග ඖෂධ අතර, වේදනා නාශක, දියවැඩියාව සදහා ලබා දෙන ඖෂධ සහ පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධද තිබෙන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

ඖෂධ හිගයට අමතරව, ශල්‍ය උපකරණවල හිගයක්ද පවතින බව වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවද, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂ ඖෂධ 14 ක හිගයක් රට ත-ුළ නැති බව ඔහු පවසා තිබේ.

රජයේ රෝහල්තුළ ඖෂධ වර්ග 1347 ක් භාවිතයට ගනී.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා මේ බව පවසා තිබුණේ අද වෙළදපොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පතයි. ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවත ලෙස මෙම ප්‍රවෘතිය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 4 =