අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන්,
ඉන්දියාවෙන් ගෙන් වූ
එන්නත් කුප්පි 22,500ක්
ඉවත් කරයි..!
අදාල එන්නත එන්.එම්.ආර්.ඒ ලියාපදිංචියෙන්
තොරව ගෙන්වූ එකක්.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය අත්හැරීම යටතේ ආනයනය කරන ලද immunoglobulin නම් ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
දිවයින පුරා රෝහල් හතරක රෝගීන්ට අදාලව, එකී එන්නත අහිතකර ප්‍රතික්‍රියා පෙන්නුම් කර ඇති අතර, ඒ හේතුව මත අදාල එන්නත් ඛාණ්ඩය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
අදාල එන්නත නිෂ්පාදනය කරනු ලබන ඉන්දියානු සමාගම, Livealth Biopharma Pvt Ltd නම් වේ. එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ, Isolez Biotech Pharma Ag Ltd. සමාගමයි.
සිය රෝගීන් සදහා එකී එන්නත භාවිතා කළ මහනුවර මහරෝහල, කොළඹ ජාතික රෝහල, මාතලේ සහ මාතර යන රෝහල් වෛද්‍යවරු විසින්, එන්නතේ අහිතකර ප්‍රතික්‍රියා පිළිබදව පැමිණිලි කර තිබේ.
Immunoglobulin නිස්සාරණය කරනු ලබන්නේ ඒවා පරිත්‍යාග කරන දායකයන් විසිනි. එබැවින්, එවැනි එන්නතක් නිෂ්පාදනය කිරීමේ දී, නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාමත්ම විධිමත් එකක් වීම අත්‍යවශ්‍ය බව පැවසේ.