අළුත්ම පැන්ඩෝරා පත්‍රිකාවල ඇමති ටිරාන්ගේ නමත් සදහන් වේ..!

0
667

අළුත්ම පැන්ඩෝරා පත්‍රිකාවල
ඇමති ටිරාන්ගේ නමත් සදහන් වේ..!

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන ටිරාන් අලස් මහතා, බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත්වල මුදල් ආයෝජනය කර ඇති බව අළුතින්ම නිකුත් කර තිබෙන පැන්ඩෝරා පත්‍රිකා හෙළි කර සිටියි.

ටිරාන් අලස්, 2017 ජූලි මාසයේ සිට, Banham Ventures Limited සහ Brompton Properties යන සමාගම්වල හිමිකරු ලෙස ලයිස්තුගතර ඇතැයි පැන්ඩෝරා පත්‍රිකා සදහන් කරයි.

ටිරාන් අලස් හැරුණු කොට, තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුගේ නම් නවතම පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් වෙතත්, ඔවුන් ජනප්‍රිය පුද්ගලයන් නොවන බව පැවසේ.

මීට වසර දෙකකට පෙර, 2021 වසරේ නොවැම්බරයේ දී ද පැන්ඩෝරා පත්‍රිකා මගින් මෙරට ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් පිළිබදව හෙළිදරව් කර තිබුණි.

ඔවුන් අතර, නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් යන අයගේ නම් සදහන් වූ අතර, ඒ පිළිබදව විමර්ශනය කොට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුනද, එකී වාර්තාවට සිදු වූවේ කුමක්ද යන්න අභිරහසකි.

නවතම පැන්ඩෝරා පත්‍රිකාවල නම් සදහන්ව තිබෙන ටිරාන් අලස් මහතාගෙන් ඒ පිළිබදව විමසීම සදහා අයිලන්ඩ් පුවත්පත ඔහු අමතා තිබේ.

පුවත්පත පවසන ආකාරයට, පැන්ඩෝරා පත්‍රිකා තුළ නම් සදහන් එකම ශ්‍රී ලාංකිකයා තමාදැයි ටිරාන් අලස් මහතා පුවත්පතෙන් විමසා ඇති අතර, ඔහුගේ නම පමණක් උළුප්පා දැක්වීම ඔහුගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණ ඇතිව සිදු කරන ක්‍රියාවක් බවටද චෝදනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 8 =