ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙයි. කඩිමුඩියේ මැතිවරණ කොමිසම විසුරුවා හැරීමක් සිදු නොවෙයි.

0
209

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙයි.
කඩිමුඩියේ මැතිවරණ කොමිසම
විසුරුවා හැරීමක් සිදු නොවෙයි.


අද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ විට මැතිවරණ කොමිසම විසුරුවා හැරීමේ තීරණයක් ගනු ඇති බවත් එය මැතිවරණය කල් දැමීම සදහා ආණ්ඩුව ගසන අවසාන තුරුම්පුව වනු ඇති බවටත් විවිධ පාර්ශ්ව සැක පළ කර තිබුණි.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායකගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ දී රැස්ව තිබුණු අතර මැතිවරණ කොමිසම කඩිමුඩියේ විසුරුවා හැරීමක් පිළිබදව එහිදී සාකච්ඡා වී නැති බව වාර්තා වේ.

මැතිවරණ කොමිසමද ඇතුළුව ස්වාධීන කොමිසම් සභා සදහා අළුත් සාමාජිකයන් පත් කිරීමට අදාලව සාකච්ඡාවක සිදුව ඇති නමුත් එය සිදුවනු ඇත්තේ ඒ සදහා වූ පුවත්පත් දැන්වීම් ප්‍රසිද්ධියට පත්කර තවත් සති දෙකක් ඉක්ම යාමෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =