“ආණ්ඩුවට තිබෙන ජනතා අනුමැතිය 21% සිට 9% දක්වා කඩන් වැටේ…!” වෙරිටේ රිසර්ච්.

0
809

“ආණ්ඩුවට තිබෙන ජනතා අනුමැතිය
21% සිට 9% දක්වා
කඩන් වැටේ…!”
වෙරිටේ රිසර්ච්.


වත්මන් ආණ්ඩුව සදහා තිබෙන ජනතා අනුමැතිය, ශීඝ්‍රයෙන් කඩා වැටී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කර තිබෙන සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

වෙරිටේ රිසර්ච් සමීක්ෂණයට අනුව, ජූනි මාසයේ දී, වත්මන් රජයට තිබෙන ජනතා අනුමැතිය 21% ක් තරම් සැලකිය යුතු ඉහළ අගයක පැවති අතර, එය ඔක්තෝබරයේ දී 9% දක්වා කඩන් වැටී තිබේ.

ආර්ථික ස්ථාවරභාවය සම්බන්ධයෙන් ජූනි මාසයේ දී සෘණ 44 ක ජනතා විශ්වසනීය භාවය ඔක්තෝබරයේ දී සෘණ 62 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මූඩ් ඔෆ් ද නේෂන් යනුවෙන් නම් කර තිබෙන මෙම සමීක්ෂණය, වසරක දී කාර්තු තුනකට අදාලව සිදු කරයි.

මෙම සමීක්ෂණය පදනම් වී ඇත්තේ මෙරට වැඩිහිටියන් 1029 දෙනෙකු ලබා දී තිබෙන ප්‍රතිචාර මත පදනම්ව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 13 =