ආණ්ඩුවට බැරි දේ ලෝක බැංකුව කරයි…!
පොහොර ආනයනයේ දී සිදුවන
පිල්ලි ගැහීම් වැළැක්වීමට
ලෝක බැංකුව දැඩි කොන්දේසි පනවයි.
පොහොර ආනයනයේ දී සිදුවන දූෂණ වංචා වැලැක්වීම සදහා ලෝක බැංකුව විසින් දැඩි පියවර ගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.
ලෝක බැංකු මාර්ගෝපදේශවලට අනුව පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන කොන්ත්‍රාත්කරුවන් සහ උපකොන්ත්‍රාත්කරුවන් විසින් ඔවුන්ගේ ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට ලෝක බැංකුව විසින් පත් කරනු ලවන විගණන නිළධාරීන්ට අවසර ලබා දිය යුතුය.
පොහොර ආනයනය සදහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක හදිසි මූල්‍ය පහසුකමක් ලංකාවට වෙන් කර තිබේ.
එම මූල්‍ය පහසුකම යටතේ එළැඹෙන මහකන්නය සදහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක් ආනයනය සදහා මේ වන විටත් ටෙන්ඩර් කැදවා තිබේ.
ටෙන්ඩර් ක්‍රියාවලියේ දී වංචාවක් සිදු නොවීම සදහා ගතයුතු පියවර රැසක් ගතයුතුබවට ලෝක බැංකුව විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව ලංසු තැබීමේ ක්‍රියාවලියේ දී කොන්ත්‍රාත්කරුවන් විසින් විසින් නියෝජිතයන් වෙත කිසියම් කොමිස් මුදලක් ලබා දී ඇත්නම් එසේ ලබා දී ඇති කොමිස් මුදල කොපමණක්ද සහ එය ලබා දී ඇති කවර අයෙකුටද යන්න ද හෙළි කළ යුතුය.
එමෙන්ම ලංසු කරුවන් විසින් ඔවුන් ඉදිරිපත් කරන ලංසුවට අදාල සියළු ලිපි ලේඛන ලෝක බැංකුව විසින් ලබා දෙන වෙබ් අඩවියකට යොමු කළ යුත-ු බවටද නිර්දෙශ කර තිබේ.
ලංසු විවෘත කිරීමේ ක්‍රියාවලියද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රචාරය කළ යුතු බවටද ලෝක බැංකුව නිර්දේශ කර තිබේ.