ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු පත් කරති.

0
458

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය
සංවිධායකවරු සහ
සහකාර සංවිධායකවරු පත් කරති.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක්  සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති.

මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන්  ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙසද  කෝකිලා ගුණවර්ධන සහ නීතිඥ මධුර විතානගේ සහ  ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන්  සහකාර සංවිධායකවරුන් ලෙසද  පත් කරනු ලැබ ඇතැයි  අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම තනතුරුවලට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  එම මන්ත්‍රිවරුන්ට අගමැති කාර්යාලයේදී ඊයේ (27) බාර දෙනු ලැබීය.

[copied from lankadeep]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =