ආදායම් බදු-සුරාබදුු
සහ රේගුව දූෂිතයි;
අකාර්යක්ෂමයි..!
බදු එකතු කිරීම විධිමත්
කිරීමට ජාත්‍යන්තර මූල්‍ය
අරමුදල මැදිහත් වෙයි.
දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව දූෂිත සහ අකාර්යක්ෂම බවට සෑම පාර්ශ්වයකින්ම චෝදනා එල්ල වී තිබේ.
පසුගිය දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙන්ම මහින්දානන්ද අළුත්ගමගේ මහතාද ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීව් ඉදිරිපත් කර තිබුණි.
මේ තත්ත්වය මත මෙරට බදු එකතු කිරීමේ කාර්යය විදිමත් කර දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් ව සිටින බව අයිලන්ඩ් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.
එහි පළමු පියවර ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් අමල් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සුරාබදු නිළධාරීන් පිරිසක් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා දිනයේ දී හමු වී තිබේ.