චෝදනාව; විදුලි බිල ඉහළ දැමීමට පක්ෂ වූ
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්
දෙදෙනෙකුට තර්ජනය කිරීම.
ආනන්ද පාලිත සහ සංජීව ධම්මික අත්අඩංගුවට.
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අයට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකුවන ආනන්ද පාලිත සහ විදුලි පාරිභෝගිකියන්ගේ සංගමයේ සභාපති සංජීව ධම්මික යන අය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කොල්ලුපිටිය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදු කර තිබේ.
මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනා විදුලි බිල ඉහළ දැමීමට පක්ෂ වීමෙන් පසුව ඔවුන් දෙදෙනාට ආනන්ද පාලිත හා සංජීව ධම්මික යන අය තර්ජනය කර තිබෙන බව පැවසේ.