‘ආනමඩුවට ආ පොලිස් ස්ථානාධිපති හරවා යැවීම.’ සනත් නිශාන්තට සහ පොලිස්පතිට රංගේබණ්ඩාර දෙහි කපයි..!

0
395

‘ආනමඩුවට ආ පොලිස් ස්ථානාධිපති
හරවා යැවීම.’
සනත් නිශාන්තට සහ පොලිස්පතිට
රංගේබණ්ඩාර දෙහි කපයි..!


ආනමඩුව පොලිස් ස්ථානය සදහා පත්ව ආ පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කිරීම සදහා තමන් මැදිහත් වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පිළිගෙන තිබේ.

ඔහු පවසන්නේ, අලුතින් පත්ව ආ පොලිස් ස්ථානාධිපතිවරයා දූෂණ චෝදනා එල්ල වී ඇති අයෙකු බවයි. එබැවින් තමන් එකී පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කිරීමට කටයුතු කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා, දූෂිත නිළධාරීන්ට සිය ආසනයට පැමිණීමට තමන් ඉඩ නොදෙන බවද පැවසී ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර, සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියි. පොලිසිය තමන්ගේ අතකොලුවක් බවට පත් කර තබා ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ නොහික්මුණු දේශපාලනඥයන්ට යැයි ඔහු පවසයි.

ඇතැම් දේශපාලනඥයන් පරණ ක්‍රමයටම හැසිරීමට පටන් ගෙන ඇති බව පවසන පාලිත රංගේබණ්ඩාර, මෙහිදී ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නැති බවත්, පොලිස්පතිවරයා මේ සිද්ධියේ වගකීම සම්පූර්ණයෙන්ම ගත යුතු බවත් පවසයි.

එමෙන්ම, පත්වීම් ලබා යම් ප්‍රදේශයකට පැමිණෙන පොලිස් නිළධාරියෙකුට සිය රාජකාරිය එම ප්‍රදේශයේ නිදහසේ ඉටු කළ නොහැකි තත්ත්වයක් ඇත්නම්, රටේ අනෙක් පොදු මහජනතාවගේ තත්ත්වය කුමක් විය හැකිදැයි පාලිත රංගේ බණ්ඩාර ප්‍රශ්න කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =