ආන්දෝලනාත්මක ගල්අගුරු ටෙන්ඩරය අහෝසියි.

0
242

ආන්දෝලනාත්මක ගල්අගුරු ටෙන්ඩරය
අහෝසියි.

අගෝස්තු මාසයේ 25 වන දා ප්‍රදානය කර තිබුණු ආන්දෝලනාත්මක ගල් අගුරු ටෙන්ඩරය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අහෝසි කිරීමට තීරණය කර තිබේ.

ලක් විජය බලාගාරය සදහා අවශ්‍ය ගල් අගුරු සැපයීම ඩුබායි හී පිහිටි බ්ලැක් සෑන්ඩ් කොමොඩිටීස් නම් සමාගමට ලබා දීමට එරෙහිව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

එම තත්ත්වය මත තම සමාගමට ගල් අගුරු සැපයුම සම්පූර්ණ කළ නොහැකි බව එම සමාගම විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් අදාල ටෙන්ඩරය අහෝසි කරන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ ඉන් පසුවයි.

ඉහත සදහන් සමාගමට ගල් අගුරු ටෙන්ඩරය ලබා දීම පිළිබදව මතභේදාත්මක තත්ත්වයක් මුල සිටම උද්ගතව තිබුණි. විශේෂයෙන්ම අදාල සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන මිල ගණන් ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව කියැවේ.

මේ තත්ත්වය මත එළැඹෙන ඔක්තෝබර් 25 වන විට ගල් අගුරු නොලැබුනහොත් දෛනික විදුලි කප්පාදුව පැය දහය ඉක්මවා යනු ඇතැයි විදුලි ඉන්ජිනේරුවරු පවසති.

තරගකාරී මිල ගණන් යටතේ දීර්ඝ කාලීන ණය පදනමක් මත මෙරටට අවශ්‍ය ගල්අගුරු සැපයීම සදහා නව ටෙන්ඩරයක් විවෘත කරන බව ලංකා ගල් අගුරු සමාගම නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − twelve =